ඇෆ්ගන් - ශ්‍රී ලංකා එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Thursday, 24 November 2022 - 17:38

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සංචාරක ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

අද (24) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව හෙට (25) දිනයේ දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දෙරට අතර එක්දින තරගාවලිය ඇරඹෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි.

පිළිවෙලින් පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ පිතිකරණය සවිමත් කිරීම වෙනුවෙන් එක් ව සිටිනවා.

පන්දු බල ඇණිය වෙනුවෙන් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙසින් එක් වන අතර, වේග පන්දු බලඇණියට කසුන් රාජිත, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ළහිරු කුමාර එක් කර තිබෙනවා.

මේ අතර යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට මෙවර තරගාවලියේ සංචිතයේ ඉඩක් හිමිව තිබෙනවා.

මෙම කණ්ඩායමට භානුක රාජපක්ෂ එක් කර තිබුණ ද, ඔහු තමාව මෙම තරගාවලියෙන් ඉවත් කරන ලෙසට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories