අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ නගරයක් ජලයෙන් යටවෙයි

Friday, 25 November 2022 - 17:19

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජෙඩා ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල පාසල් ද වසාදැමීමට සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මක්කම දක්වා දිවෙන මාර්ග අවහිරවීමෙන් බැතිමතුන්ට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

සෑම වසරකම මෙම කාලසීමාවේ දී ජෙඩා නගරයට ගංවතුර බලපෑම සිදුවන අතර 2009 වසරේ දී ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 123 දෙනෙකු ජීවිත්ක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories