චීන සමාගම් පහකින් සන්නිවේදන උපකරණ ආනයනය කිරීම ඇමරිකාව විසින් තහනම් කර තිබෙනවා.
ජාතික ආරක්ෂාව පදනම් කරගෙන මෙම තහනම පනවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
මෙලෙස සන්නිවේදන උපකරණ ආනයනය තහනම් කර ඇත්තේ හුවාවි, ඉසෙඩ්ටීඊ, හික්විෂන්, දාහුවා සහ හයිටෙරා යන සමාගම් වලින් බව සඳහන්.
ජාතික ආරක්ෂාව පදනම් කරගෙන ඇමරිකාව මෙවැනි තීරණයක් ගත් පළමු අවස්ථාව මෙය වන අතර අදාළ සමාගම් ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කර ඇත්තේ තමන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට හානිකර කිසිදු කටයුත්තකට සම්බන්ධ නොමැති බවයි.
මෙම තීරණය ඇමරිකාවේ සුළු පරිමාණ ආයතන, ව්‍යවසායකයන් ඇතුලු පාර්ශව වෙත අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි අදාළ සමාගම් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Follow US
Most Viewed Stories