අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් හෙට කොළඹට

Monday, 28 November 2022 - 21:31

%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ලොව සුප්‍රකට අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන මේන් ෂිෆ් ෆියිව් (Mein Schiff 5) නෞකාව පළමු වරට හෙට (29) කොළඹ වරායට සේන්දු වනවා.

හෙට උදෑසන 6:00ට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ලෑමට නියමිත මෙම නෞකාවේ දිග මීටර් 296ක්.

එමෙන්ම කාර්ය මණ්ඩලයේ සේවකයින් 945ක් සමඟ එහි මගින් 2534කට පහසුකම් සැපයෙනවා.

හෙට දිනයේ දී මෙම නෞකාවෙන් මෙරටට පැමිනෙන මගීන් සංඛ්‍යාව 2030ක්.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ, අතිබහුතරයක් වූ යුරෝපීය සංචාරකයින් රැසක් සමග පැමිණෙන මෙම නෞකාව එහි විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුරම් ලෑමට නොහැකි බව යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories