දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ මුදල බිලියන 773ක් බව හෙළි වෙයි

Tuesday, 29 November 2022 - 8:15

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%9F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+773%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසරේ ජුනි 30 දින වන විට ලැබිය යුතු මුළු‍ හිග බදු, දඩ සහ පොලී මුදල රුපියල් බිලියන 773ක් බව කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම මුදලෙන් රුපියල් බිලියන 201ක් කිසිඳු නීතිමය ගැටලු‍වකින් තොර ව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් බිලියන 572ක් යම් යම් හේතු මත අය කිරීම් තාවකාලික ව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් සඳහන්.

මෙම කරුණු අනාවරණය වූයේ, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (28) රැස් වූ අවස්ථාවේ දී යි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පෙන්වා දුන්නේ, මේ වසරේ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1852ක් රජය අපේක්ෂා කොට ඇති අතර එය ලබන වසර සඳහා වන අයවැයෙන් රුපියල් බිලියන 3130 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කොට ඇති බව යි.

මේ වසරේත් මෙවැනි හිඟ බදු විශාල ප්‍රමාණයක් අයකර ගැනීමට තිබිය දී ලබන වසර සඳහා වන අයවැයෙන් සියයට 69කට වැඩි බදු ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබේ දැ යි යන්න විශාල ගැටලු‍වක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එසේම මේ වසරේ ජුනි 30 වනදා වනවිට රුපියල් බිලියන 2.4ක් වටිනා අගරු වූ චෙක්පත් 4831 පැවතීම පිළිබඳව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම අගරු චෙක්පත් අතරින් චෙක්පත් 3817ක් වසර 3කට වඩා පැරණි ඒවා බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කළ අතර ඊට තම දෙපාර්තමේන්තුවට බලය නොමැති බව පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙය සාපරාධී අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහි දී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳ මාසයක් ඇතුළත කෝපා කමිටුවට වාර්තාවක් ලබාදෙන ලෙස ද එහි දී දැනුම් දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories