විදුලි බිල යළි ඉහළ නැංවීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවක් නැහැ - PUCSL

Thursday, 01 December 2022 - 16:32

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+PUCSL
මේ මොහොතේ විදුලි බිල සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා තම කොමිසමෙන් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී 75%ක ගාස්තු වැඩිවීමක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිසි ක්‍රමවේදය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන්නා.

කෙසේ වෙතත් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී අදියර දෙකකින් විදුලි ගාස්තු සංශෝධනය කිරිමට අනුමැතිය හිමිවූ අතර එම යෝජනාවත් සමඟ විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා.

එවැනි පසුබිමක් තුළයි මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දීම සඳහා අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවේ.

මේ අතර අද (01) පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ලබන වසරේ මාර්තු මාසයේ දී දැවැන්ත විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවන බව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories