සිරිල් රමපෝසාටත් දෝෂාභියෝගයක්?

Thursday, 01 December 2022 - 20:08

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B8%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%3F
2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට යළිත් ඉදිරිපත් වීමට නියමිතව ඇති පසුබිමක දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාට දෝෂාභියෝගයක් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය අද (01) වාර්තා කළා.

ඒ, 2020 වසරේ ඔහු ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ ගොවිපළට සම්බන්ධ අමෙරිකානු ඩොලර් මිලියන 04 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්.

කෙසේ වෙතත්, ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ අදාළ මුදල ගොවිපළේ ගවයින් වෙන්දේසි කර උපයා ගත් බවයි.

මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළ ස්වාධීන කමිටු වාර්තාවක් එරට පාර්ලිමේන්තුවට මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර, එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ දෝෂාභියෝගය ගෙන එන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories