අධික හිමපතනයෙන් ඇමරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට

Monday, 26 December 2022 - 7:14

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+38%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකාව සහ කැනඩාව අඛණ්ඩව පීඩාවට පත් කරමින් සිදුවන අධික හිමපතනය හේතුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් තිබෙනවා.

බලධාරීන් ප්‍රකාශ කළේ ඇමරිකාවේ පමණක් අධි හිමපතනය සහ ශීතල හේතුවෙන් 34 දෙනෙකු මියගොස් ඇති බවයි.

නිව්යෝක් ප්‍රාන්තයේ බෆලෝ නගරයට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

බි්‍රටිෂ් කොලොම්බියාවේ බටහිර පළාතේ මෙරිට් නගරය ආසන්නයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළිමෙන් කැනඩාවේ මරණ හතරක් වාර්තා වුණා.

මේ වනවිට පුද්ගලයන් ලක්ෂ දෙකකට පමණ විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති අතර බොහෝ දෙනෙකුට නත්තල් සමරීම සඳහා ඔවුන්ගේ පවුල් වෙත යෑමට නොහැකි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කැනඩාවේ සිට දකුණු ටෙක්සාස් දක්වා මෙම හිම කුණාටුව ගමන් කරන බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories