ඇමරිකාවේ ශීත කුණාටුවෙන් මියගිය ගණන 62 දක්වා ඉහළට

Wednesday, 28 December 2022 - 7:45

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+62+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමරිකාවට බලපෑ දරුණු ශීත කුණාටුවත් සමඟ මියගිය ගණන 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ නිව්යෝක්හි බෆලෝ නගරයේ මියගිය සංඛ්‍යාව 28ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.

දහස් ගණනකට තවමත් විදුලිය විසන්ධි වී ඇති අතර මෙම හදිසි අවස්ථාවේදී ඇතැම් නගරවල කොල්ලකෑම්ද වාර්තා වී තිබෙනවා.

ශීත කුණාටුව හේතුවෙන් ඊයේ (27) උදෑසන පමණක් ගුවන් ගමන් 4800ක් පමණ අවලංගු කෙරුණා.

මේ හේතුවෙන් මගීන් දහස් ගණනක් රට පුරා ගුවන් තොටුපළවල අතරමංව ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිව්යෝක්හි බෆලෝ බලධාරීන් ප්‍රකාශ කළේ, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩ ව සිදු වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories