නෙතන්යාහු යළි ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරයට

Friday, 30 December 2022 - 8:22

%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%84%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළි බෙන්ජමින් නෙතන්යාහු දිවුරුම් දී තිබෙනවා.

73 හැවිරිදි වියේ පසුවන නෙතන්යාහු ඊයේ (29) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාංසය තහවුරු කිරීමේ ඡන්ද විමසීමේ දී ඡන්ද 63ක් ලබාගනිමින් නව රජයක් පිහිටුවීම සඳහා කැමැත්ත ලබාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට එරෙහි ව මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඡන්දය භාවිත කර තිබුණා.

බෙන්ජමින් නෙතන්යාහු බලයෙන් පහකර මාස 18කට පසුව යි ඔහු යළි බලයට පත්වුණේ.

එමෙන්ම, ඔහු අග්‍රාමාත්‍ය ධූරය හොබවන 06 වන අවස්ථාවද මෙය යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories