චීනය ඇෆ්ගනිස්ථානයේ තෙල් කැණීමට යයි

Friday, 06 January 2023 - 14:50

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය එරට උතුරු ප්‍රදේශයේ තෙල් කැණීම් සිදුකිරීම සඳහා චීන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා.

එය 2021 වසරේ දී තලේබාන් සංවිධානය එරට පාලන බලය අත්පත් කරගැනීමෙන් අනතුරුව බලශක්තිය සඳහා ඇති කරගන්නා පළමු ප්‍රධාන පෙළේ ගිවිසුම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසර විසි පහක් සඳහා අත්සන් තැබෙන මෙම ගිවිසුමට අමතරව චීනයේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ පවතින තඹ නිධියක කැණීම් සිදුකිරීම සඳහා ද ගිවිසුම් ගතවීමටයි සූදානම් වන්නේ.

ඇෆ්ගනිස්ථානයේ ඉන්ධන, ස්වභාවික ගෑස්, තඹ ඇතුලු ඛනිජ ද්‍රව්‍යවල වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවන බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories