සෙනගාලයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් 40දෙනෙකු මියගොස් 80දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එක් බස් රථයක ටයරයක් පිපිරී යාමෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඩකාර් අගනුවරට ගිණිකොණ දෙසින් කිලෝමීටර 220ක දුරින් පිහිටි කෆ්රින් නගරයේ දී සිදුවූ මෙම අනතුර හේතුවෙන් එරට දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මැකී සෝල් කටයුතු කර තිබෙනවා.
මෙම අනතුර බටහිර අප්‍රිකානු රටක මෑත කාලයේ දී සිදුවූ බිහිසුනුම රිය අනතුර බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Follow US

Most Viewed Stories