කැලිෆෝනියා වෙඩික්කරු සොයා මෙහෙයුමක්

Monday, 23 January 2023 - 8:16

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි මොන්ටෙරේ පාක් ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් පස්දෙනෙකු කාන්තාවන් වන අතර, ඉතිරි පස්දෙනා පිරිමි පුද්ගලයින් වනවා. මොන්ටෙරේ පාක් ප්‍රදේශයේ ආසියානු සම්භවයක් සහිත ජන කොටස් වැඩි වශයෙන් ජීවත්වන අතර, චීන නව අවුරුදු උදාව වෙනුවෙන් මේ දිනවල එහි සැමරුම් ද පැවැත්වෙනවා.

එම සැමරුම්වලට දහස් සංඛ්‍යාත ජනතාවක් සිය නිවෙස්වලින් බැහැරව එක්ව සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories