රුසියාව සහ බටහිර අතර යුද්ධය තවදුරටත් දෙමුහුන් එකක් නො වන 'සැබෑ එකක්' බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් අනතුරු අඟවනවා.
ඒ යුක්රේනයට පවුම් බිලියන ගණනක් වටිනා ආයුධ යැවීම සම්බන්ධයෙන් බටහිර ජාතීන්ට ප්‍රහාරයක් එල්ල කරමින්.
රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් අද (23) මේ බව පවසා සිටියේ, ඔහුගේ දකුනු අප්‍රිකානු සංචාරය අතරතුර යි.
රුසියානු යුක්‍රේන යුද්ධයේ මුල් මාසවල දී මොස්කව් යුක්රේනය සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටි බව කියා සිටි ලැව්රොව්, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් ඊට එරෙහි ව
යුක්‍රේනයට උපදෙස් දුන් බව පවසා සිටියා.
දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර දී සිදු කළ ලැව්රොව්ගේ ප්‍රකාශයට අනුව පසුගිය වසරේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සාකච්ඡා සඳහා සූදානම් වූ නමුත් යුක්රේනයේ බටහිර සහචරයින් එය යථාර්තයක් බවට පත් වීම වැළැක්වූ බව විද්‍යමාන වනවා.
මේ අතර යුක්රේනයට Leopard 2 යුධ ටැංකි යැවීමට තම රජය ජර්මනියෙන් අවසර ඉල්ලා සිටින බව පෝලන්තයේ අගමැති අද ප්‍රකාශ කළ අතර බර්ලිනය එකඟ වුවත් නැතත් ඒවා යැවීමට සැලැසුම් කර ඇති බව යි වාර්තා වන්නේ.
ජර්මානු නිෂ්පාදනයක් වන Leopard 2 යුධ ටැංකිය රුසියානු ආරක්ෂක සීමා බිඳ දමා සිය භූමි ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම සඳහා යුක්‍රේන රජයට දැඩි ව අවශ්‍ය වන යුධ උපකරණයක් බව සඳහන් වනවා.

Follow US