මෙවර ඡන්දදායකයෙකුට වැයකළ හැක්කේ රුපියල් 15 යි (වීඩියෝ)

Tuesday, 24 January 2023 - 20:26

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+15+%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පළාත්පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැයකළ හැක්කේ රුපියල් 15 ක් පමණක් බවට තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන තිබුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ අද පැවති සාකච්ඡාවේදීයි.

අද පෙරවරුවේ පැවති එම රැස්වීම සදහා දේශපාලන පක්ෂ 85ක නියෝජිතයින් පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

එහිදි මැතිවරණ වියදම් නියාමනය සඳහා එකගතාවට පැමිණ තිබෙනවා.

මේ අතර දෙහිවල -ගල්කිස්ස මහනගර සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු තම අත්සන ව්‍යාජ ලෙස යොදා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දළදා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා පැමිණියා.

ඒ මැතිවරණ කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීමටයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයන්ට අමතර ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.