කළුතර විද්‍යාලයේ සිසුවෙකු පහරකෑමට ලක්ව රෝහලේ

Tuesday, 24 January 2023 - 20:59

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
උසස් පෙළ හැදෑරීම සඳහා කළුතර විද්‍යාලයට ඇතුළත් කළ සිසුවෙකු එම පාසලේ වෙනත් සිසුන් පිරිසකගේ පහරකෑමකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවතක් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ නිම්න රන්මාල් ජයරත්න නම් සිසුවෙකු වන අතර ඔහු කළුතර විද්‍යාලයට ඇතුළත් වූ පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුව තිබුණා.

පන්තියේ සිටි සිසුන් කිහිපදෙනෙකු මෙම සිසුවාගෙන් රුපියල් විස්සක් ඉල්ලා ඇති අතර තමා සතුව මුදල් නොමැති බව පැවසීමෙන් පසු ඔහුට පහරදී ඇති බවයි කළුතර - දකුණ පොලිසිය සඳහන් කළේ.

පළමුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ ඔහු නිවසට පැමිණි පසු නාසයෙන් රුධිරය වාහනය වීම නිසා ශ්‍රී ජයවර්ධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම සිසුවා දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සිසුවාගේ දෙමාපියන් සඳහන් කළේ.

පහරදීම සිදුකළ සිසුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබෙනවා.