ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රියාවලිය මාස 6ක් තුළ සම්පූර්ණ කරනවා - මහ බැංකු අධිපති (වීඩියෝ)

Tuesday, 24 January 2023 - 22:50

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රියාවලිය මාස 6ක් තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

2023 ආර්ථික විමසුම මැයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය හිමි සියලු පාර්ශ්වයන් සමඟ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැපවීමෙන්
කටයුතු කරන බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක් පැවැත්වූ බවත්, චීනය සහ ජපානයෙන්ද එවැනිම සහයෝගයක් බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ වෙනකොට අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙනවා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ...

මේ 17 වැනි වතාව. මම හිතන්නේ නැහැ මේ වෙලාවේ අපිට ආපසු හැරිලා එන්න අවස්ථාවක් තියෙනවා කියලා. එහෙම කළොත් එය තමයි අපි කරන ලොකුම වරද. අන්න ඒ නිසා තමයි අපි සතුව තියෙන්න ඕනේ අඛණ්ඩ, පුරෝකථනය කළ හැකි, ස්ථායී ප්‍රතිපත්ති සහ ස්වාධීන ආයතන යාන්ත්‍රණ ආයතනයක් වගේම පරිපාලනයෙන් බැහැර කළ නොහැකි ක්‍රමවේදයක්.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියවලියේ මුඛ්‍ය අරමුණ තමයි ස්වාධීන ආයතන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ශක්තිමත් ප්‍රතිපත්ති ඇති කිරීම.
එය අපිව දිගු කාලීනව රැකගනීවි. ඒ වගේම මහ බැංකුවත් ශක්තිමත් කළ යුතුයි.
මෙම ප්‍රතිපත්ති දෙක අඛණ්ඩව ඉදිරියට යා යුතුයි. මුල්‍ය ප්‍රතිපත්ති
හරහා මූල්‍ය රාමුව ස්ථාවරව පවත්වාගෙන යා යුතුයි. එය වෙනස් වුණොත්
අපිට ශක්තිමත් ප්‍රතිපත්ති සහ සම්පාදිත නීති නොමැති වෙනවා අපිට මෙය
ඉදිරියට පවත්වාගෙන යන්න. මේ වෙලාවේ රජය සතු ආයතන
ප්‍රතිසංස්කරණය විය යුතුයි. අර්බුදය නිමා කරගන්න නම් මේ සියල්ල කළ
යුතුයි කියලා හැමෝම පිළිගන්නවා. මෙය වෙනස් නොකර අපි අඛණ්ඩව
ඉදිරියට රැගෙන යා යුතුයි. උත්පාදන ආර්ථිකයක්, විදේශ ප්‍රේෂණ මත යැපෙන
ආර්ථිකයකට වඩා ශක්තිමත්. නමුත් විදේශ ණය හොඳ නැහැ කියලා
නෙමෙයි කියන්නේ. ආයෝජන හරහා ඵලදායී ක්‍රියාවලීන් නඩත්තු කෙරෙන
තාක් එය වඩාත් උචිතයි. ඒ හරහා අපිට ස්ථාවරත්වය වර්ධනය කරගැනීමට
තිබෙන අවස්ථා පුළුල් වෙනවා. ස්ථායීව රට ඉදිරියට යන්න නම් මෙවැනි
ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සහය දෙන බවට ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කළා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශිකා ටිංග් යැංග් මහත්මිය සඳහන් කළේ ඉන්දියාවේ මෙම තීරණය අගය කරන බවයි.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සෙසු පාර්ශ්ව සමඟ සාකච්ඡා ක්‍රියත්මක බවද ඇය සඳහන් කළා.

එම මූල්‍ය සහතික ලැබුණු පසු ඊට අදාළ සෙසු කරුණු සම්පූර්ණ කර යෝජිත විස්තීරණ ණය පහසුකම් වැඩසටහන එහි විධායක කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට සූදානම් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ.