බිංගිරියේ පුපුරණ ද්‍රව්‍ය සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

Wednesday, 25 January 2023 - 7:32

%E0%B6%B6%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B6%A7
බිංගිරිය - විලත්තව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ (24) මෙම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව යි.

පෙරේදා රාත්‍රියේ විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීයේ යෙදී සිටි නිලධාරින් සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර තිබුණා.

එහි සූක්ෂ්ම ලෙස සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක දිගින් යුතු සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ය බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සොයාගත් අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අවුරුදු 33 සහ 44 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශයේ සිට ධීවර කටයුත්තක් සඳහා රැගෙන ආ බවටත්, කොළඹ ප්‍රදේශයට ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් සිටි බවටත් ප්‍රකාශ කර තිබුණා.