ඡන්දයට සූදානම් වන්නැ යි ජනාධිපති එජාපයට දැනුම් දෙයි

Wednesday, 25 January 2023 - 7:36

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90+%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඡන්දයට සූදානම් වන්නැ යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දී තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ, ඡන්ද විමසීමට අදාළ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බව යි.

එක්සත් ජාතික පක්ෂයේ කළමණාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවත්වුණා.

මේ අතර ජනතාව අතර මැතිවරණ උණුසුමක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජෛව පොහොර නිෂ්පාදනය කෙරෙන කර්මාන්තශාලාවක් හොරණ මිල්ලෑවේ දී ඊයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහි දී ඇතැම් ප්‍රදේශවල ගොයම් කහ පැහැ ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.