උසස් පොලිස් නිලධාරියෙකු තමාට පහර දුන් බව පවසමින් කැබිතිගොල්ලෑව පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා රෝහල් ගත වී තිබෙනවා.
පළමුවෙන් ඔහු කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුළත් වීමෙන් අනතුරු ව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු, තමාගේ කම්මුලට සහ මුඛයේ අභ්‍යන්තරයට හානි සිදු වන අයුරින් පහර දුන් බව පවසමිනු යි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල්ගත ව ඇත්තේ.
මේ අතර ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ඇතුළු විත්තිකරුවන් 05 දෙනා සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 03 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මොවුන් ඊයේ මොණරාගල මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව යි.