වසන්ත මුදලිගේ අධිකරණයට

Wednesday, 25 January 2023 - 10:12

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

බන්ධනාගාර නිලධාරින් විසින් අද පෙරවරුවේ ඔහුව මෙලෙස අධිකරණය වෙත රැගෙන ආ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඒ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ හා සිවිල් නීතිය යටතේ පවරා ඇති නඩුවේ විභාග කටයුතුවලට පෙනී සිටීම සඳහා.

දින 150කටත් වඩා අධික කාලයක සිට වසන්ත මුදලිගේ ව මෙසේ රඳවා තබා තිබෙනවා.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ගණනාවකින් ම වරින් වර සඳහන් කළේ, වසන්ත මුදලිගේ ව රඳවා තබා ගැනීම අනීතික බව යි.

කෙසේ වෙතත් තවමත් වසන්ත මුදලිගේට ඇප හිමි වුණේ නෑ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories