සුබ්මන් ගිල්, බාබර් අසාම්ගේ වාර්තාවක් සම කරයි

Wednesday, 25 January 2023 - 13:53

%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුබ්මන් ගිල් පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම්ගේ වාර්තාවක් සම කිරීමට සමත්ව තිබෙනවා.

ඒ තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලියක පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.

2016 වසරේ දී බාබර් අසාම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක දී ලකුණු 360ක් රැස් කළ අතර, සුම්බන් ගිල් ඊයේ (24) අවසන් වූ නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී ලකුණු 360ක් ලබා ගත්තා.

ඔහු මේ වනවිට එක්දින තරග 21ක් ක්‍රීඩා කර ලකුණු 1254ක් රැස්කරගෙන ඇති අතර, එහි සාමාන්‍ය 73.76%ක්.