මෙරට ගනුදෙනුකරුවන්ගේ ඉහළ විශ්වසනීයත්වයක් දිනාගත් රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්සි පෙරේරා කොළඹ කොටුවේ පිහිටි ලංකා බැංකු මූලස්ථානයේ දී වැඩ භාර ගෙන තිබෙනවා.
ඔහු එම තනතුර ලබා ගත් තුන්වන අවස්ථාව මෙය වන අතර 2015 වසරේ දී රොනල්සි පෙරේරා ප්‍රථම වරට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වී තිබුණා.
මේ අතර ලංකා බැංකුවේ 23 වැනි මහා කලමණාකාරවරයා ලෙස පත් වූ රසල් ෆොන්සේකා සිය රාජකාරී කටයුතු ඊයේ (24) ආරම්භ කළා.
ලංකා බැංකුවේ දශක 3කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති රසල් ෆොන්සේකා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ද වෙනවා.
බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල මෙන්ම හසල දැනුමකින් පරිපූර්ණ ඔහු, ලංකා බැංකුවේ අනුබද්ධිත සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනවා.

Follow US

Most Viewed Stories