කුසල් ජනිත් ශ්‍රී ලංකා ඒ සංචිතයට

Wednesday, 25 January 2023 - 15:01

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
එංගලන්ත - ලයන් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ආදේශක වශයෙන් නම් කළ සංචිතයට ශල්‍යකර්මයට ලක් කෙරුණු කුසල් ජනිත් පෙරේරා නම් කර තිබෙනවා.

එම ශල්‍යකර්මයෙන් පසු විවේකිව සිටි ඔහු ගේ ශාරිරික යෝග්‍යතාව මේ වන විට යහපත් බැවින් ඉදිරි නවසීලන්ත තරග සංචාරය සදහා සහභාගි කර ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අරජුන් ද සිල්වා පසුගියදා සදහන් කළේ.

කුසල් ජනිත් අවසන් වරට ක්‍රිකට් තරගයක් සඳහා එක්වුණේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දීයි.

එංගලන්ත ලයන් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආදේශක සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ද නම් කර ඇති අතර ශ්‍රි ලංකා ඒ කණ්ඩායමේ නායකයින් ලෙස කමිදු මෙන්ඩිස් සහ නිපුන් ධනංජය නම් කර තිබෙනවා.