වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් (වීඩියෝ)

Wednesday, 25 January 2023 - 16:04

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ජනාධිපති මන්දිරයට කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර, තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන විදේශ ගත වීම සඳහා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට යාමට අවශ්‍ය බව පවසමින් ඇගේ නීතිඥවරුන් අධිකරණයෙන් අද මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි තීරණය කළේ.