හෙට සර්වපාක්ෂික හමුවක් (වීඩියෝ)

Wednesday, 25 January 2023 - 16:16

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

හෙට පස්වරු 4 ට මෙම හමුව පැවැත්වෙන අතර එහි ප්‍රධානත්වය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

මීට අමතරව කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ද මෙම හමුවට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදින පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට බදුන් වූ සංහිඳියාව වැඩදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇති.

ඒ පිළිබඳව පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ද ඇති කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකිර්ණයේදි අද පැවත්වුනේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

කථානායකවරයාගේ රැස්වීම් කාමරයේ පැවති එම රැස්වීමේදි කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිලිබද සාකච්ජා කර ඇති අතර එම සභාවලට සමාජිකයන් ලෙස පත්කිරීම සදහා ඊට උනන්දුවක් දක්වන සහ සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයදුම් පත් කැදවීමට එහිදි එකගත්වය පලව තිබෙනවා.

ඒ අනුව මැතිවරණ,රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය, මුදල්, සීමා නිර්ණය සහ ජාතික ප්‍රසම්පාදන යන කොමිෂන් සභා සදහා එලෙස අයදුම් කැදවීමට නියමිතයි.

අදාල අයදුම්පත් ඉදිරිපත් කිරීම සදහා දැන්වීම් පළ කල දින සිට සති දෙකක කාලයක් ලබා දීමටද ව්‍යවස්ථා සභාවේදි තීරණය කර තිබෙනවා.

එම අයදුම්පත් අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබද තොරතුරු පිලිබද වැඩිවිස්තර පුවත්පත් දැන්වීම් හරහා දැනුම් දීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් වන කථානායකවරයා ,අග්‍රාමාතවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් අද පැවති පළමු රැස්වීමට එක්ව සිටියා.

එමෙන්ම, සිවිල් සමාජිකයින් ලෙස පසුගියදා පත් කෙරුණු ආචාර්ය ප්‍රභාත් රාමානුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂ් සමරත්න ද ඊට සහභාගි වී තිබෙනවා.