අද සිට උසස් පෙළ නිමවන ලබන මස 17 වනදා දක්වා විදුලිය විසන්ධි නොකර පැය 24 ම විදුලිය ලබාදීමේ එකඟතාවයකට පැමිණි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.
මානව හිමිකම් කොමිසම හමුවේ අද පස්වරුවේ යළි පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
විදුලිබල අමාත්‍යාංශයට, මහජන උපයෝගිතා කොමිසමට සහ විදුලිබල මණ්ඩලයට මානව හිමිකම් කොමිසම අද කැඳවීමක් සිදුකර තිබුණේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
අද පෙරවරුවේ කැඳවීම් ලත් පාර්ශවයන් මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිය ද විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණ සිටියේ නැහැ.
ඒ අනුව, යළි පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අදාළ පාර්ශවයන්ට මානව හිමිකම් කොමිසම දැනුම් දුන්නා.
පස්වරුවේ ද විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසම හමුවට නොපැමිණි නමුත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණ සිටියා.
ඊට අමතරව මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය බැංකු දෙකේ ප්‍රධානීන්ද කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා.