ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති සංශෝධිත නව ක්‍රීඩා නීතිය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධිත ක්‍රීඩා සමාජ බහුතරයක් ක්‍රිකට් ආයතනයට ලිපි මගින් දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ක්‍රීඩා සමාජ 50 කට වැඩි ප්‍රමාණයක ලිපි ක්‍රිකට් ආයතනය සතුව ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වනවිට අධිකරණයේ ගොනුකර ඇති පැමිණිල්ලට අදාළව මෙම ලිපි ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ තවත් පාර්ශවයක් චෝදනා කරන්නේ ක්‍රිකට් විධායක කමිටුවේ ඇතැම් සාමාජිකයින් ක්‍රීඩා සමාජවලට බලපෑම් කරමින් මෙම ලිපි ලබාගැනීමට උත්සාහ කරන බවයි.