ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව නොවැක් ජොකොවිච්ට

Sunday, 29 January 2023 - 17:46

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A7
මෙම වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය මෙල්බර්න්හිදී පැවැත්වුණා.

ගෙවුණු වසරේදී කොවිඩ් එන්නත ලබා නොගැනීම නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම නිසා තරගාවලිය හිමිව ගිය සර්බියාවේ නොවැක් ජෝකොවිච් මෙවර අවසන සටනට එක්වෙද්දී ඔහුගේ ප්‍රතිමල්ලවයා බවට පත් වුණේ ග්‍රීසියේ ස්ටෙෆානෝස් සිසිපාස්.

ඒ අතරවාරයේදී අවසන් තරගය නැරඹීමේ අවස්ථාව ජෝකොවිච්ගේ පියාට තහනම් කරන්නට තරග සංවිධායකයින් විසින් පියවර ගත්තේ ඔහු අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා රුසියානු ජනපතිවරයාට සහය පළකරමින් රුසියානු ජාතික ධජයක්
සහ ටී ෂර්ට් හැද සිටීම නිසයි.

එම පීඩන මැද මෙම තරගයට එක්වූ ජෝකොවිච් ඒ සියල්ලටම සිය ටෙනිස් Racket රැකට් එකෙන් පිළිතුරු දුන්නේ 10 වැනි වරටත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ සිය දෝතට ගනිමින්.

ඒ මෙම තරගය ලකුණු 6ට 3ක් 7ට 6ක් සහ 7ට 6 ලෙස ජය ගනිමින්.

මෙම ජයත් සමඟින් ඔහු ජගත් ටෙනිස් පිටියේ වැඩිම පිරිමි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනූ ක්‍රීඩකයින් අතර ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සමගින් සමතැන් ගත්තා.

නඩාල් සහ ජෝකොවිච් විශිෂ්ඨයන් මේවන විට දිනා තිබෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාව 22 ක්.
නොවැක් ජෝකොවිච්ගේ ජයග්‍රහණයේ සතුට දොරේ ගලා ගියේ මෙලෙසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories