පුංචි ඡන්දයේ ගැසට් නිවේදනය මුද්‍රණයට යවා නැහැ - කොමිසමේ සාමාජිකයින්ට මරණීය තර්ජන (වීඩියෝ)

Sunday, 29 January 2023 - 20:10

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පළාත්පාලන ඡන්ද විමසීම් ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය පිළිබඳ විශේෂ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබුණා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර නොමැති බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වනදා පැවැත්වීමට මේ වන විට දින නියම කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පළාත්පාලන මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තම කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා යොමුනොකරන බවයි.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවද ඔහු කියා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණට සහ එම්.එම්. මොහොමඩ්ට තර්ජනය කරමින් දුරකථන ඇමතුම් පැමිණ ඇත්තේ විදේශ රටක සිට බවට නිරීක්ෂණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories