පුංචි ඡන්දයේ දිනය සඳහන් ගැසට් නිවේදනය අද මුද්‍රණාලයට

Monday, 30 January 2023 - 10:58

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (30) දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ප්‍රකාශ කළා.

මාර්තු මස 9 වනදා පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ දැන්වීම සියලුම දිස්ත්‍රික්කවලින් මැතිවරණ කොමිසම් සභාව වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ දැන්වීම මගින් ඡන්ද විමසීම සිදුකරන දිනයට අමතරව වේලාව, ඊට තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පළාත්පාලන ඡන්ද විමසීම් ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories