කලාතුරකින් සිදුවන වනඅලි මළදරු උපතක් මැදවච්චියෙන්

Monday, 30 January 2023 - 11:22

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
වනඅලි අතරේ කලාතුරකින් සිදුවන සිදුවීමක් ලෙස වාර්තා වන කෙනරක සිදුකර ඇති මළදරු උපතක් සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මැදවච්චිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උපතේදීම මියගිය එම වනඅලි
පැටවාගේ සිරුර සොයා ගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මැදවච්චිය - තිත්තගෝනැව ප්‍රදේශයේ හේන් ඉඩමක තිබියදියි මෙම වන අලි පැටවාගේ සිරුර හමුව ඇත්තේ.

මැදවච්චිය තිත්තගොනෑව හා ඒ ආශ්‍රිතව රක්ෂිතවල සැරිසැරූ වනඅලි රංචුවක සිටි කෙනරක මෙම ස්වභාවික මළදරු උපත සිදුකර ඇති බවත්, එම පැටවා බිහිකිරීමෙන් පසු මව් කෙනෙර යළිත් සිය රංචුව සමග රක්ෂිතයට ගමන් කර ඇති බවත් වනජීවී නිලධාරීන් පැවසුවා.

මියගොස් සිටි එම වනඅලි පැටවාගේ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර - පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍යවරිය විසින් ඊයෙ (29) දිනයේ දී පවත්වනු ලැබූ අතර, එහිදී අනාවරණ වී ඇත්තේ මෙම මරණය ස්වභාවික උපත් මරණයක් බවයි.

වනඅලින් අතර සිදුවන උපත් අතර මෙවන් මළදරු උපත් වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින් බව ද වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories