මේ වසරේ ලෝක ආර්ථිකය පහතට?

Tuesday, 31 January 2023 - 10:05

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7%3F
මෙම වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය සියයට 2.9 දක්වා පහත වැටෙණු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත් එය ලබන වසරේදී සියයට 3.1 දක්වා ඉහළ යනු ඇති බවයි එම අරමුදල ප්‍රකාශ කළේ.

ඔවුන් සිදුකළ සමීක්ෂණයක දැක්වෙන්නේ මෙම වසරේදී ගෝලීය උද්ධමන අනුපාතය සියයට 6.6 දක්වා ඉහළ යනු ඇති බවයි.

එහෙත් ලබන වසරේදී එය සියයට 4.3 දක්වා පහත වැටෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

මේ අතර, පසුගිය වසර තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන දහතුන්දහස් හැත්තෑව දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය 2021 වසරට සාපේක්ෂව සියයට හතරයි දශම හයක ඉහළ යාමක්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මෙරට අපනයනය සම්බන්ධයෙන් රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන එක්දහස් හතලිස් හතර දක්වා අඩු වී තිබෙනවා.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇගලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලද ආදායම අඩු වීමයි.

නිෂ්පාදන පිරිවැය, බලශක්ති වියදම ඉහළයාම හේතුවෙන් එලෙස ආදායම් අඩු වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම පසුගිය වසරේ සේවා අපනයනවල ඇස්තමේනතු ගත වටිනාකම ඩොලර් මිලියන එක්දහස් අටසිය හැත්තෑ හයක් වී ඇති අතර, එය 2021 වසරට සාපේක්ෂව සියයට 5.9 කින් අඩුවීමක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories