75 වන නිදහස් සැමරුම වෙනුවෙන් ආ විදෙස් රටවල අමාත්‍යවරු ජනපති හමුවෙති

Sunday, 05 February 2023 - 15:23

75+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92
75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් (V. Muraleedharan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ජන කොටස් අතර සහජීවනය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණා.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති මෙම පියවර පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රසාදය ද පළ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට මෙරටට පැමිණි භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) ද ජනාධිපතිවරයා හමුවුණා.

මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර සංචාරක සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවයි සාකච්ඡා කෙරුණේ.

බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් ( A.K. Abdulla Momen) ජනාධිපතිවරයාව හමුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් මිත්‍ර රාජ්‍යයන් ලෙස සහයෝගයෙන් ඉදිරියට ගමන් කිරිම පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි (කා)ර් (Hina Rabbani Khar) ද ජනාධිපතිවරයා හමු වී එරට සංචාරයක නිරතවන ලෙසට ආරාධනා කළා.

නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudya) හා මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid)ද පිළිවෙලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව මුණගැසී රටවල් අතර සිදු කළ යුතු සංවර්ධනයන් සම්බන්ධයෙන් අදහස් හුමවාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories