ඉදිරියේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවාවි - විදෙස් අමාත්‍ය අබ්දුල් මොමන්

Monday, 06 February 2023 - 7:00

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B6%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ණය ගෙවීමේ සූදානමක් ඔවුන් සතුව ඇති බව බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොමන් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ මේ වනවිට ආර්ථික තත්ත්වය යම් මට්ටමකින් ස්ථාවර වීමේ යහපත් ප්‍රවණතාවක් දිස්වෙන නිසාවෙන් ණය ගෙවීමේ හැකියාවක් ඔවුන් සතු ඇති බවයි.

2021 මැයි මාසයේ එළඹි මුදල් හුවමාරු ගිවිසුමක් මගින් මෙම ණය ප්‍රමාණය ශ්‍රී ලංකාව ගත් අතර, ශ්‍රී ලංකාව මේ වනවිට බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ගෙවිය යුතු වනවා.

මෙම මුදල නුදුරේදීම තම රටට ලැබෙන බවයි බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජය, තමන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙන ලබාගත් ණය ගෙවීමට තවත් මාස හයක කාලයක් ලබාදෙන ලෙසට පසුගිය ජනවාරි මස මැද භාගයේදී බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුවයි බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ඩොලර් මිලියන 200 ක ණය ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ලබා දී තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories