අතුරුදන් ගුවන් යානයක් සොයා පිලිපීනයේ ගිනිකන්දක සෝදිසි මෙහෙයුමක්

Tuesday, 21 February 2023 - 15:25

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඕස්ටේ්‍රලියානුවන් දෙදෙනෙකු සහ තවත් දෙදෙනෙකු සමඟ අතුරුදන්වූ ගුවන් යානයක් සොයා පිලිපීනයේ මයොන් ගිනි කන්ද ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

2018 වසරේදි අවසන් වරට පුපුරා ගිය ගිනි කන්ද අසළ අඩි 6,000ක් පමණ ඉහළින් ගුවන් යානයක බවට සැක කෙරෙන සුන්බුන් ඇති බවට තොරතුරු අනාවරණ වීමත් සමඟයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ.

එම භූමියේ පවතින දුෂ්කර බව හේතුවෙන් මෙහෙයුම් අසීරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට දින තුනකට පෙර පිලිපීනයේ බිකෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටත්වී මැනිලා අගනුවර බලා ගමන් කරමින් සිටියදියි මෙම සෙස්නා 340 යානය අතුරුදන් වී තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories