උතුරු කොරියානු නායක කිම් ජොං උන් විසින් තරුණ පරපුර සම්බන්ධ කරගනිමින් පියොංයැං අගනුවර නිවාස 50,000 ක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.
ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ තරුණ කම්කරුවන් ලක්ෂයක් එක්කරගනිමින් මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2021 වසරේදි උතුරු කොරියානු නායකයා පියොංයැං අගනුවර නව නිවාස 50,000 ක් ඉදිකිරීමේ සැළැස්මක් එළි දක්වා තිබුණා.
කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ වනවිට ඉන් නිවාස 10,000 ක් පමණක් සම්පූර්ණ කර ඇති බවයි.
අඛණ්ඩව මිසයිල අත්හදාබැලීම් සහ ගම්බද ප්‍රදේශවල සාගින්නෙන් වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවන බවට වාර්තාවෙමින් පවතින පසුබිමක උතුරු කොරියානු නායකයා මෙවැනි ව්‍යාපෘතියක් සිදු කිරීමට අවධානය යොමුකිරීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Follow US

Most Viewed Stories