කාන්තාවන් තුන්දෙනෙකුගේ ගෙළ සිරකර ඝාතනය කළ සැකකරුවෙකු ඇල්පිටිය - අවිත්තාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 2 වනදා ඉත්තෑපාන ප්‍රදේශයේදී සහ පසුගිය පෙබරවාරි මස පළවනදා ද ඇල්පිටිය ප්‍රදේශයේදී මෙම ඝාතන සිදුකර දේපල කොල්ලකා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු යගිරල ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී කොල්ලකන දේපලවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

Follow US