අවමගුලෙන් කෙලවර වූ මගුල (වීඩියෝ)

Saturday, 18 March 2023 - 14:35

%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අඟුරුවාතොට ප්‍රද්ශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ මංගල උත්සවයක දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ඊයේ අලුයම 3ට පමණ අගුරුවාතොට බටගොඩ හන්දියේ දී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසූවේ මෙම දෙපිරිස නිව්ටල් වත්ත ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු පැමිණෙමින් සිටින අතරතුරදී මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ සිරුර එම ප්‍රදේශයේ වෙල්යායක තිබිය දී අද (18) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

දරුණු කැපුම් තුවාල සහිතව මෙලෙස මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 5 දෙනෙකු මේ වනවිට කොළඹ, නාගොඩ සහ හොරණ රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක දී ඇතිවූ බහින්බස් වීමක් මෙම ගැටුමට හේතුවිඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ අතර පොලොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේ දී පිරිසක් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඊයේ (17) පස්වරුවේ සිදු කෙරුණා.

ඔහුගේ ඥාතීන් විසින් දේහය අරලගංවිල - මහියංගනය ප්‍රධාන මාර්ගයට රැගෙන විත් විරෝධතාවක නිරත වුණේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවට පවසමින්.

මාර්ගය අවහිර කරමින් පැවති මෙම විරෝධතාවය අසලට පැමිණි අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා අදාල සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කිරීමත් සමඟ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins