නිල් මහා සටනින් රාජකීයයන්ට ජය (වීඩියෝ)

Saturday, 18 March 2023 - 16:31

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 144 වන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 181 ක ජයක් හිමිව තිබෙනවා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලය කඩුලු 8කට ලකුණු 326 ක් රැස් කළ අතර, ශාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 153 ක් පමණයි.

රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් රැස් කළා.

ඒ අනුව, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 342 ක ඉලක්කයක් හිමිවුණත්, ඔවුන්ට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 161 ක් පමණයි.

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය හේතුවෙන් එළඹෙන සඳුදා දින (20) පාසලේ සියලුම දරුවන්ට විශේෂ නිවාඩුවක් ලබාදීමටත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රමුඛ පරිපාලනය තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins