නුවරඑළිය - කඳපොල - එස් කඩේ තේ වතුයායේ මහල් දෙකකින් යුත් තේ කර්මාන්තශාලාවක් අද (18) අලුයම හට ගත් හදිසි ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.
අද අලුයම 2 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර, මේ වනවිටත් ගින්න නිවීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න සිදුවන අවස්ථාවේ තේ කර්මාන්තශාලාව තුළ කිසිවෙකු සිට නැහැ.
තේ කිලෝ 30,000කට අධික ප්‍රමාණයක් එහි ගබඩා කර තිබී ඇති අතර, සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කඳපොල පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Follow US