“නිල් මහා සටන” ජයග්‍රාහී කණ්ඩායමට ත්‍යාග ප්‍රදානයට ජනපති එක්වෙයි (වීඩියෝ හා ඡායාරූප)

Saturday, 18 March 2023 - 18:33

%E2%80%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E2%80%9D+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%84%E0%B7%8F+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දෙවන දිනය වන ඊයේ (17) දින එය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් ව සිටි අතර, ඒ සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එම එක්ව සිටියා.

මේ අතර ජනාධිපතිවරයා අද උදෑසන සිට කොළඹ SSC ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් තරගය නැරඹීමට එක් වූ අතර එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන්ම ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම් දිරිමත් කරමින් ඔවුන් සමග සුහද කථා බහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රාහී කණ්ඩායමට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ පිළිගැන්වීම ද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරුණා.

ජයග්‍රාහී කණ්ඩායමට මෙන්ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායමට සහ තරගයේ දක්ෂතා දැක්වූවන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ද සිදු වූ අතර, ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත රැස්ව සිටි ක්‍රීඩා ලෝලින් සමඟ ද සුහද කතා බහක නිරත වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins