ඉන්දු - ලංකා සබඳතාවල ඝනකම ගැන ජෙයිශංකර් කතා කරයි

Saturday, 18 March 2023 - 19:37

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%9D%E0%B6%B1%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B7%81%E0%B6%82%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රුධිරය ජලයට වඩා ඝන වනවා සේ, දුෂ්කර කාලවල දී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවික තත්ත්වයක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ දෙරට අතර ⁣ඉතිහාසය පුරා පවතින සබදතාව තුළ දුෂ්කර අවස්ථාවක දී ශ්‍රී ලංකාවට සහාය වීම අනිවාර්යයෙන්ම සිදුවන බවයි.

ඉන්දු ලංකා තානාපති සබඳතා සඳහා වසර 75 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නවදිල්ලියේ දී පැවති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනුයි ඔහු මේ අදහස් පළ කර ඇත්තේ.

මෙහිදී ආචාර්ය ජයිශංකර් වැඩිදුරටත් සදහන් කළේ වත්මන් දුෂ්කර සමයේදී ඉන්දියාව සතු සම්පත්, හැකියාවන් අනුව ශ්‍රී ලංකාවට හැකි උපරිම සහයෝගය පළ කරන බවයි.

මේ අතර, නොමිලේ සහ සහනාධාර ලෙස විදුලිබලය ලබාදීම ශ්‍රි ලංකාවේ වැනි විදුලිබල අර්බුදයක් මතු කිරීමට හේතුවනු ඇති බව ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ බලශක්ති අමාත්‍ය ප්‍රතාප් ඩෙබ් පවසා තිබෙනවා.

ඔහු මෙම අදහස් පළකර ඇත්තේ ප්‍රාන්ත සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් නොමිලේ සහ සහනාධාර ලෙස විදුලිය ලබාදිය යුතු බවට කළ යෝජනාවක් පිළිබඳ විවාදයකට එක්වෙමින්.

කෝටි හතර හමාරක ජනසංඛ්‍යාවක් වෙසෙන ඔඩිස්සා ප්‍රාන්තයේ, ප්‍රාන්ත සභාවේ බලය හොබවන්නේ භාරතීය ජනතා පක්ෂයයි.

එහි විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙම නොමිලේ සහ සහනාධාර ලෙස විදුලිය ලබාදීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

දිල්ලි හා පන්ජාබ් ප්‍රාන්තවල පවතින නොමිලේ විදුලිය ලබාදීමේ හෝ ආන්ද්‍ර, තෙලංගානා සහ චතිස්ගාර් ප්‍රාන්තවල පවතින සහන මිලට විදුලිය ලබාදීමේ ක්‍රමයක් ඔඩිස්සා ප්‍රාන්තයට ද හඳුන්වාදෙන ලෙසයි මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරු යෝජනා කර ඇත්තේ.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රාන්ත බලශක්ති අමාත්‍ය ප්‍රතාප් ඩෙබ් පෙන්වා දී ඇත්තේ එවැනි ක්‍රම හදුන්වාදීම ශ්‍රී ලංකාවේ මෙන් අනවශ්‍ය විදුලි අර්බුදයක් මතු කරන තත්ත්වයක් වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins