මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු වහාම මුද්‍රණාලයට අවශ්‍ය මුදල් නිදහස් කරන බව දන්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් යොමු කර තිබෙනවා.
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ කියා සිටියේ ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් පහසුකම් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බවයි.
ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු රුපියල් මිලියන 500 ක මුදලක් වැයවනු ඇතැයි මුද්‍රණාලය ඇස්තමේන්තු කර තිබෙනවා.
ඉන් රුපියල් මිලියන 200 ක් මුල් අවස්ථාවේදීම ඒ සඳහා ඉල්ලා සිටි බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.
අනතුරුව ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒ අනුව රුපියල් මිලියන 200 ක පමණ මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකර අවසන්ව ඇති බව ද ඇය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් තවමත් මුද්‍රණාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක මුදලක් පමණක් බවයි මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ.
ඒ හේතුවෙන් සැපයුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඇය සඳහන් කළා.
ඒ අනුව මේ වනවිට ඡන්ද විමසීමට අදාළ කිසිදු මුද්‍රණ කටයුත්තක් මේ වනවිට සිදු කෙරෙන්නේ නැහැ.
කෙසේ වෙතත්, ඡන්ද විමසීමට අදාළව මුද්‍රණය කෙරුණු උපදෙස් පත්‍රිකා සහ අනෙකුත් මූලික මුද්‍රණ අවශ්‍යතා මුද්‍රණයෙන් අනතුරුව භාර දී ඇති අතර, දිස්ත්‍රික්ක 15 ත්, 17 ත් අතර සංඛ්‍යාවක තැපැල් ඡන්දයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්ව ඇති බව ද ඇය සඳහන් කළා.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබානොදීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය අද ප්‍රකාශ කළා.
ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ඉදිරියේදී මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය හෙට මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ සභාපතිවරුන්ට ලබා දී ඇති නිල වාහන අද දිනය තුළ කොමසාරිස්වරුන්ට සහ ලේකම්වරුන්ට භාරදිය යුතු වනවා.
මේ අතර, ජනාධිපතිවරණයක් පැවැත්වීම ප්‍රකාශයට පත් කිරීම ලබන නොවැම්බර් මාසයේදී සිදුකරන බවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියා.

Follow US