ජාතික ජන බලවේගය හරියට ළිඳක ඉන්න ගෙම්බො වගෙයි - සජබෙ ජාතික සංවිධායක

Sunday, 19 March 2023 - 9:30

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9C+%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%A2%E0%B6%B6%E0%B7%99+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ජාතික ජන බලවේගයේ සාමාජිකයින් සතුව ඇති දැනුම ළිඳක සිර වී සිටින ගෙම්බන් පිරිසක් මෙන් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙති කියූ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්.

සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහනට සමගාමී ව ඊයේ(18) සවස කැකිරාවේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

ඩොලරයට වඩා රුපියල ශක්තිමත් වුවහොත් අමෙරිකාව ශ්‍රී ලංකාවට බෝම්බ ගසාවි යැයි සුනිල් හඳුන්නෙත්ති සිදු කළ ප්‍රකාශය ගැන සඳහන් කරමින් තිස්ස අත්තනායක වැඩිදුරටත් පැවසුවේ, මේ වෙලාවේ රුපියල ශක්තිමත් වීම අතිශය වැදගත් බවයි.

නමුත් රුපියල ශක්තිමත් කරන්න යැයි පවසා විවිධ ගණන් හිලව් පවසමින් පාර්ලිමේන්තුවේ යෝජනා බලෙන් සම්මත කරවාගැනීමෙන් එය සිදුකර ගත නොහැකි බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ඒ සඳහා ක්‍රම 04ක් ආර්ථිකය තුළ ඇති බවත්, අපනයන වෙළෙඳාම පුළුල් කිරීම, විදේශ ප්‍රේෂණ වැඩි කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ එතෙරින් මුදල් රටට ගලා එන වැඩපිළිවෙළක් සකස් කිරීම මේ අතර වන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins