රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ මරියුපෝල් නගරයේ සංචාරයක නිරත වී තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් රුසියානු හමුදා යටතේ පවතින මරියුපෝල්හි නැගෙනහිර ඉදිරිපෙළ සමීපයටම ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම ඔහු එම ප්‍රදේශයේ පිහිටි ළමා මධ්‍යස්ථානයක් සහ කලාගාරයකට ද ගොස් තිබෙනවා.
මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ යුක්රේනයේ සිට රුසියාවට ළමයින් නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපතිවරයාට වරෙන්තු නිකුත් කර ඇති කාලසීමාවක මරියුපෝල්හි මෙලෙස සංචාරයක නිරතවීමයි.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම සාධාරණීකරණය කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ සත්‍ය වශයෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අපරාධකරුවෙකු බවටයි.
මෙය ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ජගත් ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස්දෙනාගෙන් එක් නායකයෙකුට එරෙහිව නිකුත් කරන ලද පළමු වරෙන්තුව ද වනවා.

Follow US