පළාත් පාලන ආයතන නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂයභාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා.
එහි මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දයට මුදල් ලබාදිය හැකි කාලසීමාව ප්‍රකාශ කරන්නේ නම් ඒ වනතෙක් පළාත්පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.
එමෙන්ම නිල කාලය අවසන්වන පළාත්පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන් යටතට පත් කිරිමට පොදුජන පෙරමුණ එකඟ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.
පසුගිය සතියේ පළාත්පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අරලියගහ මන්දිරයේදී හමුවී දැනුවත් කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් කියා සිටියා.
කෙසේ වෙතත්, පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ පවතින නිතීය තුල පළාත් පාලන ආයතනවල කාලය දිර්ඝ කිරිමේ හැකියාවක් නොමැති බවයි.

Follow US