රජයේ සංවර්ධන කටයුතු ගෙවීම් හිඟය බිලියන 200 ක්

Sunday, 19 March 2023 - 13:31

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+200+%E0%B6%9A%E0%B7%8A
පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ සංවර්ධන වැඩකටයුතු සඳහා පවතින ගෙවීම් හිඟය රුපියල් බිලියන 200 ක් බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික අනුකාරක සභාව සිය දෙවන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතන සඳහා මෙම ගෙවීම් හිඟව පවතින බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම ප්‍රාදේශීය මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කළ කිලෝමීටර ලක්ෂයේ ව්‍යාපෘතියේ අවසන් කර ඇත්තේ කිලෝමීටර 5,423 ක් පමණක් බව එම වාර්තාවේ සඳහන්.

එහි තවත් කිලෝමීටර 17,847 ක් සඳහා ටෙන්ඩර් ප්‍රදානය කර තිබෙනවා. එම ව්‍යාපෘතියේ හිඟව ඇති මුදල සටහන් වන්නේ රුපියල් බිලියන 54.7 ක් ලෙසයි.

රටේ උද්ධමනය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් දේශීය ඉදිකිරීම් කර්මාන්තය ද බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා.

තට්ටු නිවාස ඒකක 4,800 ක් පමණ ඉදි කිරීම් සම්පූර්ණ කරගැනීමට නොහැකිව හෝ විකුණාගත නොහැකිවීමෙන් අර්බුදයට ලක්ව ඇතැයි ජාතික සභා අනුකාරක සභාවේ දෙවන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins