ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් එහි සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයකටම අවතීරණ වූ බව මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (19) අනුරාධපුරයේ දී ඔහු මෙසේ පැවසුවා.
ඒ අනුව, නිශ්චිත කාල රාමුවකට අනුව සකස් කරන ලද වැඩපිළිවෙලකට අනුගත වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සඳහා තමා වෙත පැවරූ වගකීම සම්බන්ධයන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කළ සියළුම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ගමන් කරමින් පවතින බවයි.
පුරා මාස 05කට අධික කාලයක් ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන්ම මහජනතාවත් මෙම වැඩසටහනට සහාය ලබා දෙමින් සිටිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 04ක් තුළ ලැබීමට නියමිත බවත්, මිලියන 300ක් වන පළමු ණය මුදල මාර්තු මස අග දී මෙරටට ලැබෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
තවද මේ වන විට රට තුළ සිදු කර ඇති දුෂ්කර ප්‍රතිසංස්කරණ හමුවේ මහජනතාව කෙසේ හෝ අභියෝගයන්ට මුහුණ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනට සහයෝගය ලබා දීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සිය ස්තුතිය පිරිනැමුවා.

Follow US