බුත්තල, ඓතිහාසික යුදගනාව රජමහා විහාරාධිපති, පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන ස්වාමීන්වහන්සේ වෙත “ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝතී” යන
ගෞරව නාම සහිතව, ඌව වෙල්ලස්ස දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පූජෝත්සවය ඊයේ සිදුකෙරුණා.
මහා සංඝරතන්යේ මූලිකත්වයෙන්, බුත්තල, ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙම පුණ්‍යෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන්.
සන්නස් පත්‍ර ප්‍රදානොත්සවය සඳහා බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරාධිපති පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන ස්වාමීන්වහන්සේ පෙරටු කරගත් රථ පෙරහැර ගමන් ආරම්භ කළේ, ඔක්කම්පිටිය දෙමටමල් රජමහා විහාරස්ථානයෙන්.
රථ පෙරහැර බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථානය වෙත පැමිණියේ, ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව පෙරටුකොටගෙනයි.
අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයින් කිහිපදෙනෙකුද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.
අග්‍රාමාත‍්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන ස්වාමීන්වහන්සේ වෙත ඌව වෙල්ලස්ස දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වූයේ ඉන් අනතුරුවයි.

Follow US